මිනු/ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා ගුරුතුමිය වන B.K.G. ප්‍රියානි ගුරුමහත්මිය යටතේ ක්‍රියාත්මක මෙම කමිටුව පාසලේ වඩාත් ක්‍රියාශීලී කමිටුවකි.
මෙමගින් සිසු දරු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය, පෞරුෂත්ව සංවර්ධනය මෙන්ම පෝෂණය සම්බන්ධවද නිරතුරුව සොයාබලයි.
ක්‍රීඩා යටතේ වොලිබෝල්, කරාතේ හා චෙස් යන ක්‍රීඩා ත්‍රිත්වය ට වැඩි තැනක් ලැබී ඇති අතර ඒ සඳහා ගුරු මහත්මිය වෙනත් පුහුණුකරුවන් යටතේද දරුවන් පුහුණු කිරීම් කරනු ලබයි.
එසේම වර්ණවත් ක්‍රීඩා උත්සවයක් සෑම වර්ෂයකම පවත්වන්නට මෙම කමිටුව ක්‍රියාත්මක වන අතර එහිදී දරුවන් විශිෂ්ඨ දක්ෂතා දක්වනු ලබයි.
පාසල් මට්ටමින් මෙන්ම කලාප, පළාත් මට්ටමින් ද පෙරට යන දරු කැලක් මෙම විද්‍යාලයේ සිටී.