අලුත් අහස

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

1. පාසල් කාලය තුළ දී අදාළ පරිදි සීනුව නාද කිරීම් වලට අවනතවිය යුතුය.
2. ජාතික ගීය, පාසල් ගීය ගායනය හෝ වාදනය කරන අවස්ථාවලදී සීරුවෙන් සිටිය යුතුය.
3. ජාතික කොඩියට සහ පාසල් කොඩියට නිසි ගෞරවය ලබා දිය යුතුය.
4. ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඉතා සංවරව හැසිරිය යුතුය.
5. සමූහයක් ලෙස ගමන් කරන විටදී අනිවාර්යෙන්ම පේළි ගැසී යායුතුය.
6. විවේක කාලයේ දී හැර පාසල් කාලය තුළ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්ති කාමරය තුළ රැඳී සිටිය යුතුය.
7. විදුහලේ දේපල ගොඩනැගිලි සහ අනෙකුත් දේවල් ආරක්ෂා කළ යුතුය.
8. පන්ති කාමරය ඇතුළත සහ පිටත පිරිසිදුව අලංකාරව තබා ගත යුතුය.
9. විද්‍යාලයට අගෞරව වන ලෙස හැසිරීම සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සපුරා තහනම් වන අතර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පාසල තුළත් පාසලෙන් බැහැරදීත් තම පෞද්ගලික ගෞරවය සහ පාසලේ ගෞරවය රැකෙන පරිදි හැසිරිය යුතුය.
10. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදුහල්පතිතුමාට සහ ගුරු මහත්ම මහත්මීන්ට කීකරු විය යුතුය.
11. විදුහල්පතිතුමා සහ ගුරු මහත්ම මහත්මීන් සමග කතා කරන විට සංවරව ආචාරශීලී ව කතා කළ යුතුය.
12. සහෝදර සිසු සිසුවියන් සමඟ ප්‍රිය වචනයෙන් කතා කළ යුතුය.
13. පන්ති කාමරය තුළ ගුරුවරයෙකු නොමැති අවස්ථාවලදී යාබද පන්ති වලට බාධා නොවන අයුරින් නිශ්ශබ්දව අධ්‍යයන කටයුතු වල නිරත විය යුතුය.
14. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දිනපතාම පාසල් පැමිණිය යුතු අතර, අත්‍යවශ්‍ය හේතුවක් මත නොපැමිණියේ නම්, ඒ බව භාරකරුගේ අත්සන් සහිතව ලිඛිතව විදුහල්පතිතුමාට හෝ පන්ති භාර ගුරු මහත්ම මහත්මීන්ට දැන්විය යුතුය. 
15. පාසලෙන් කලින් බැහැරව යන්නේ නම් භාරකරු අනිවාර්යෙන්ම පැමිණිය යුතුය.