පාසලේ ඉතිහාසය

අලුත් අහස

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

බප/මිනු නැදගමුව කනිෂ්ඨ විද්‍යාලය බස්නාහිර පළාතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් රජ‍යේ පාසලකි.  එය ගම්පහ සීදූව අංක 244 බස් මාර්ගයේ ගම්පහ නගරයේ සිට කි.මී. 7 ක් දුරින් පිහිටි නැදගමුව ප්‍රදේශයේ පිහිටා‍ ඇත. 

මෙම පාසලේ ආරම්භය 1900 වසරේ ශිෂ්‍ය සංඛ්‍යාව 07ක් ලෙස ඉතිහාස ගතවන අතර, වර්තමානයේ මෙය ක්‍රමයෙන් දියුණු වන පාසලකි.  මෙම පාසල තිරසාර සංවර්ධන වැඩසටහනට ද අයත්ය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින පාසලක් වන මෙම පාසල 139/01 නැදගමුව උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත්ය.  ගැහැනු පිරිමි මිශ්‍ර පාසලක් වන මෙහි බෞද්ධ, මුස්ලිම්, කතෝලික ආදී බහු ආගමික දරුවෝ අධ්‍යාපනය ලබති.

නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 1 සිට 11 දක්වා ශ්‍රේණි පැවැත්වෙන අතර, සිසුහු 530 ක් පමණ ඉගෙනුම ලබති.  ප්‍රාථමික හා ද්විතීයික විෂය මාලා සිංහල මාධ්‍යයෙන් ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ ප්‍රාථමික අංශය එක කොටසකත් ද්විතියික අංශය තවත් කොටසකත් ක්‍රියාත්මක වේ. සියලු පරිපාලන කටයුතු ද්විතියික අංශයේදී සිදුකෙරේ.

පාසලේ වර්තමාන විදුහල්පතිනිය කේ.ආර්.ජී.කේ. කරුණාරත්න මෙනෙවිය වන අතර, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන‍් විසිහතක්, අනධ්‍යයන සේවකයින් හය දෙනෙකු හා සංවර්ධන නිලධාරින් හතර දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරති.